තරු­ණ­යන්ට තැන දෙමින් පුංචි ඡන්ද­යට සංශෝ­ධ­න­යක්

නව තරුණ ඡන්ද­දා­ය­ක­යන්ට ඡන්දය ප්‍රකා­ශ­යට පත් කිරීමේ සහ මැති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යන් ලෙස ඉදි­රි­පත් වීමට පහ­සු­කම් සැල­සීමේ අර­මු­ණින් ‘පළාත් පාලන මැති­ව­රණ පනත’ සංශෝ­ධ­නය කිරී­මට කැබි­නට් මණ්ඩ­ලයේ අව­ධා­නය යොමු වී ඇති බව නීති­ප­ති­ව­රයා ඊයේ (11) ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වා සිටි­යි.

ඒ අනුව 2024 ඡන්ද හිමි නාම­ලේ­ඛ­නය පද­නම් කර­ගෙන පළාත් පාලන මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට සහ කැඳවා ඇති නාම­යෝ­ජනා පත්‍ර අව­ලංගු කර අලු­තින් නාම­යෝ­ජනා පත්‍ර­යක් කැඳ­වී­මට අවශ්‍ය විධි­වි­ධාන ඇතු­ළත් කර එම සංශෝ­ධිත පනත් කෙටු­ම්පත සකස් කරන ලෙස නීති කෙටු­ම්පත් දෙපා­ර්ත­මේ­න්තු­වට කැබි­නට් මණ්ඩ­ලය මඟින් දැනුම් දී ඇතැයි ද නීති­ප­ති­ව­රයා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට තව­දු­ර­ටත් දැනුම් දෙනලදි.

2024 ජන්ද හිමි නාම­ලේ­ඛ­නය පද­නම් කර ගනි­මින් පළාත් පාලන මැති­ව­ර­ණය පව­ත්වන ලෙස නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශ­පා­ලන පක්ෂ සාමා­ජි­ක­යන් පිරි­සක් විසින් ඉදි­රි­පත් කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්ස­මක් කැඳවූ අව­ස්ථා­වේදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් නිර්ම­ලන් විග්නේ­ෂ්ව­රන් මහතා මේ බව දන්වා සිටි­යි.

නව තරුණ ඡන්ද­දා­ය­ක­යන්ට ඡන්දය ප්‍රකාශ කිරී­මට අව­ස්ථාව ලබා­දීමේ අර­මු­ණින් 2024 ඡන්ද හිමි නාම­ලේ­ඛ­නය පද­නම් කර­ගෙන පළාත් පාලන මැති­ව­ර­ණය පැවැ­ත්වී­මට අවශ්‍ය පහ­සු­කම් සැල­සීම එහි එක් අර­මු­ණක් බව නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා සඳ­හන් කරයි.

එම මැති­ව­ර­ණය සඳහා 2023 වස­රේදී කැඳ­වන ලද නාම­යෝ­ජනා අහෝසි කර නව නාම­යෝ­ජනා කැඳ­වී­මට සහ තැන්පත් කළ ඇප මුදල් නැවත ගැනී­මට ඔවුන්ට අව­ස්ථාව සැල­සෙන බව ද නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා එහිදී සඳ­හන් කරනලදි.

කාලීන පුවත්