ත්‍රස්ත පනත අනතුරුදායකයි;එය භාවිතයෙන් වලකින්න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙස විධායකයෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් මඟින් ඉල්ලීමක් කොට ඇත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනතාවට ලබාදී ඇති අයිතීන්ට අනුව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමේ බරපතල අනතුරක් ඇතැයි පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම ඉල්ලීම කොට ඇත.උද්ඝෝෂණ සහ විරෝධතා සඳහා සම්බන්ධ වූ පුද්ගලයෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවම් නියෝග යටතේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් තම සංවිධානයේ දැඩි අවධානය යොමුවී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ලේකම් ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනන් යුතුව නිකුත් කොට ඇති මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ

කාලීන පුවත්