ත්‍රිීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ අත්සන් තළ ගිවිසුම පෙබරවාරි මස 8 වැනිදා පාර්ලිමේන්තුවේ සභා ගත කරන බව ඇමති උදය ගම්මන්පිල මහතා කියයි. මෙතරම් පාරදෘෂ්‍ය ආකාරයට අත්සන් කළ වෙනත් කිසිදු ගිවිසුමක් මෙරට ඉතිහාසයේ නැතැයි ද පාර්ලිමේන්තුවේ දී ඊයේ(20) අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින්නේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවු ආර්ථික අර්බුදයකට නොවන බවත් 1955 සිට ආදායමට වඩා ණය ගැනීම නිසා ඇති වු ආර්ථික අර්බුදයකට බවත්. 1955 සිට මෙරට පාලනය කළ සෑම රජයක්ම ඒ සඳහා වගකිව යුතු බවත් කී ඇමති වරයා වර්තමානයේ කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් එකි`නෙකාට චෝදනා කර ගැනීම නොව සියළු දෙනා එක් වී මෙම අර්බුදයෙන් ගොඩ ඒමට මං සෙවීම බව ද කීය.