තැපැල් සේවක ඉල්ලීම් අසාධාරණයි රට තුළ ආර්ථික අර්බුදයක් පැන නැඟී ඇති අවස්ථාවක තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් සිදු කරන ඉල්ලීම්වල කිසිදු සාධාරණයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.තැපැල් සේවකයින්ට මාසයකට පැය 100ක් සඳහා ගෙවන ලද අතිකාල දීමනාව මසකට පැය 240ක් වශයෙන් වැඩි කරන ලෙස සිදු කළ ඉල්ලීම් කිසිසේත් සාධාරණ නොවන බව කී අමාත්‍යවරයා කියා සිටියේ ලබන වසරේ දී කිසිදු වැටුප් වැඩි වීමකට හෝ අතිකාල දීමනා ගෙවීමට මුදල් වෙන් නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවකි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.