තිත් මුවකු මරා යතුරු පැදියකින් රැගෙන යමින් සිටි දෙදෙනකු අධිකරණයට

තිත් මුවකු මරා පොහොර උරයක බහා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු මීගලෑව වේදිනිගම ප්‍රදේශයේ දී මීගලෑව වනජීවි අඩවි ආරක්ෂක අංශයේ නිළධාරීන් විසින් අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අද (19) ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනාගෙන එක් අයකු රුපියල් එක්ලක්ෂ පනස්දාහ බැගින් ශරීර ඇප මත මුදාහරින ලෙසත් සැකකරුවන් ජූනි මස 2 වන දින නැවත අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් මහේස්ත්‍රාත් එන් පී ප්‍රියදර්ශණී මහත්මිය නියෝග කළාය.සැකකරුවන් දෙදෙනා ප්‍රවාහනය කළ තිත්මුවා සමග බලපත්‍ර රහිත බෝර 12 තුවක්කුවක් පතරොම් 5 ක් විදුලි පන්දමක් උල් පිහියක් හා යතුරු පැදිය ද අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.වනජීවි අඩවි ආරක්ෂක අයි එම් ජේ සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ වනජීවි නිළධාරීහු මෙම වැටලීමට සම්බන්ධ වූහ.                                                                     චන්ද්‍රරත්න ඉලංගකෝන්- ගල්ගමුව

කාලීන පුවත්