තීන්දුවක් ගන්න මහජන එක්සත් පෙරමුණ අද රැස්වෙයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී කුමන පක්ෂයකට සහය ලබා දෙන්නේ දැයි තීරණය කිරීම සඳහා මහජන එක්සත් පෙරමුණ අද (01) රැස්වෙයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්ව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරකයකගේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට මේවන විට තීරණය කර ඇත.

කාලීන පුවත්