මහ මැතිවරණ දිනය එළඹී ඇත.නමුත් රටේ මිනිස්සු වැඩි දෙනෙකු මැතිවරණයක් ඇතිදැයි නොදන්නා සේ ය.පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට පවත්වන මැතිවරණයට “මහ මැතිවරණය” යැයි කියන්නේ කලක් රටේ පැවැත්වුණු ප්‍රධානම මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය නිසා ය. පසුව ජනාධිපතිවරයා තෝරා ගැනීමට වෙනම මැතිවරණයක් පැවැත්වීමට පටන් ගැනීමත් සමග පාර්ලිමේන්තු මැතිවරණය නිකම්ම දෙවැනි තැනට කඩා පාත් පත් විය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ඇල් මැරුණු ස්වභාවයක් ගැනීමේ ප්‍රධාන වග උත්තර කරුවා වන්නේ නොබෝදා පැවැත් වූ ජනාධිපතිවරණයයි.රටේ මහ ජනතාව රාජ්‍ය පාලනයේ වෙනසක් අපේක්ෂා කළේ ආර්ථික අර්බුදයේ අහිතකර ප්‍රතිවිපාක භුක්ති විඳිමින් සිටියදී ය.අර්බුදයෙන් පීඩා විඳිමින් සිටි මහජනතාව ගේ සිත් සතන් තුළට පසුගිය පාලකයන් විසින් රටේ ධනය හොරකම් කිරීම මේ මහා අර්බුදයට හේතුව ය යන අදහස සූක්ෂමව ඇතුලු කිරීමට විරුද්ධ පක්ෂ සමත් විය..එහි ප්‍රතිපලයක් ලෙස මෙතෙක් පාලන බලය නොදැරූ පක්ෂයකට බලය ලබාදීමට මහජනතාව අපේක්ෂා කළහ.ජනතාවගේ පැත්තෙන් බලන විට එය නරක දෙයක් නොවේ.ඒ අනුව ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස තෝරගන්නා ලදී.මහජනතාවට පාලනයේ වෙනසක් කිරීම සඳහා පැවති නොතිත් ආශාව ඉන් සමනය කෙරිණි.නැතහොත් “ඇම්ම” අඩු විය.
මහ මැතිවරණයේ දී මහ ජනතාවගේ පණිවුඩය මැනවින් තේරුම් ගත් පසුගිය පාලන බලය හෙබ වූ බොහෝ දෙනා තරඟ කිරීමෙන් වැලකී සිටීමට තීරණය කළහ. එනිසා බලය හෙබවූවන්ට “දෙන්නං බැටේ” මාදිලියේ පාඩමක් ඉගැන්වීමේ සාධාරණ මහජන අපේක්ෂාවට ද අවස්ථාවක් මහ මැතිවරණයේදී උදා නොවන බව ජනතාවට තේරුම් ගොස් ඇත.අනික් අතට පාර්ලිමේන්තු බලයත් ජාතික ජන බලවේගයටම යනු ඇත යන පූර්ව නිගමනයේ ස්ථාවර වීමට මහජනයාට සිදුව ඇත.මේ මහජන උදාසීනත්වය පිළිබඳව අදහස් දැක්වූ දිර්ඝ පලපුරුද්දක් සහිත දේශපාලන මිත්‍රයෙකු මා සමග පැවසුවේ පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩත්වය ශුන්‍ය වීමත් මීට හේතු වී ඇති බවයි.මහජන ප්රතිවිරෝධය මේ රටේ වඩාත්ම වර්ධනය කළ හැක්කේ මහජනතාව පීඩනයට පත්වීමට සාපේක්ෂව බව ඔහුගේ අදහස විය.ඒ සමග මුළුමනින්ම එකඟ විය නොහැකි වුවද එහි යම් සත්‍යයක් ද නැත්තේ නොවේ.
ජාතික ජන බලවේගය මේ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව “ශුද්ධ” කරදෙන ලෙසටයි.එය ඔවුන් හඳුන්වන්නේ දියවන්නාව ශුද්ධ කිරිමේ මහා ශ්‍රමදානය ලෙසයි.
ඒ සියල්ල පැත්තකින් තියමු. ජාතික ජන බලවේගය මේ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව “ශුද්ධ” කරදෙන ලෙසටයි.එය ඔවුන් හඳුන්වන්නේ දියවන්නාව ශුද්ධ කිරිමේ මහා ශ්‍රමදානය ලෙසයි.ප්‍රධාන විපක්ෂ බලවේගය වූ සමගි ජන බලවේගය මැතිවරණයට මුහුණ දීමට ආරම්භ කළේ අගමැති අපෙක්ෂකයෙකු ද නම් කරමිනි.එනමුදු ඒ ඔවුන් ගේ සටන් පාඨය ඉදිරියට ගියේ නැත.දැන් ඔවුන් පාර්ලිමේන්තුවේ බලය නොඉල්ලා විපක්ෂයට පත්වීමට හිතාගෙන ඉන්නවා විය යුතු ය.රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් මතිවරණයට ඉදිරිපත්ව සිටින කණ්ඩායම රටට කියන්නේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය “එල්බෝඩ් කාරයන්ට” තනිව පැදවිය හැකි වාහනයක් නොවන බැවින් පාර්ලිමේන්තුවේ පළපුරුදු කණ්ඩායමක් සිටිය යුතු බව ය.ජතික ජන බලවේගයේ පාර්ලිමේන්තුව ශුද්ධ කිරීමේ මතයට එරෙහි මතයක් දක්වන්නේ රනිල්ගේ සිලින්ඩරයයි.ඔවුන් පවසන්නේ රටේ ආර්ථික අර්බුදකාරීතත්වය මෙතෙක් මුලුමනින්ම විසඳී නො තිබීම මත ඉදිරියේ යම් හෙයකින් තත්වය අයහපත් වුණොත් ඊට පිළියම් යෙදිය හැකි පිරිසක් ද පාර්ලිමේන්තුවේ සිටිය යුතු අතර රට ගොඩ ගැනීමේ පලපුරුද්ද සහිත කණ්ඩායම සිලින්ඩරය සතු බවයි.දිලිත් ජයවීර මුලුමනින්ම සටන් කරන්නේ විපක්ෂයේ සජබ දුර්වලතාව ඉස්මතු කරමින් එඩිතර විපක්ෂයක් සඳහා තම කණ්ඩායමට බලය දෙන ලෙස කියමිනි.නාමල් රාජපක්ෂ පොහොට්ටුව ප්‍රති සංවිධානය කිරීම හා එහි තම නායකත්වය ස්ථාපිත කර ගැනීම අරමුණු කරගෙන මැතිවරණයට ඉදිරිපත් වී ඇත.
ජාතික ජන බලවේගය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව මාලිමා අපේක්ෂකයන් ගෙන් පුරවා දෙන ලෙස ය.එසේ පිරවීම සඳහා පාර්ලිමේන්තුව නොවැම්බර් 14,වන දින සාමුහිකව පාරිමේන්තුවේ පැරණි අය ඉවත් කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.ඇතමෙක් සුපුරුදු හොරු එලවා මාලිමාවෙන් පුරවමු යැයිද කියති .පාර්ලිමේන්තුවේ ඇත්තේ මන්ත්‍රීධුර 225,කි.ඉන් 196 දිස්ත්‍රික් මට්ටමින්තෝරා ගන්නා අතර 29 ක් ජාතික ලැයිස්තුව මගින් පුරවනු ලැබේ.දිස්ත්‍රික් මන්ත්‍රීධුර 196ක් මැතිවරණ දිස්ත්‍රික්ක 22කට අයත් වේ.ජාතික ජන බලවේගය ලෙස ප්‍රතිසංවිධානය වී ඇති ජනතා විමුක්ති පෙරමුණ මීට ඉහත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර 39ක් එක් වර දරමින් බලවත්ව පසු වූ යුගයක් තිබුණි.පසුගිය ජනපතිවරණ ප්රචාරක වේදිකා වල දී නොපැවසුණු මුත් එදා ඔවුන් තරඟ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොලය ලකුණ යටතේ ය.එසේ ජවිපෙ තරඟ වැදුණු දිස්ත්‍රික්ක 19කින් දිස්ත්‍රික්ක දෙකක හැර ඔවුන්ගේ අපේක්ෂකයෝ මන්ත්‍රීවරුන් ලෙස පත්වූහ.මන්ත්‍රීවරුන් පත්වූ දිස්ත්‍රික්ක16,න් 14කම මුල් ස්ථානවලට පත්වුණේ ජවිපෙ අපේක්ෂකයින් ය.ජවිපෙ අභිබවා මුල් ස්ථාන රැක ගත හැකිවූයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ රත්නපුරේ පවිත්‍රා වන්නිආරච්චි හා දිගාමඩුල්ලේ ෆේරියල් අෂ්රොෆ් යන මන්ත්‍රීධුර අපේක්ෂකයන්ට පමණි.එදා මන්ත්‍රීවරුන් ලෙස පත් වූ 36 දෙනා අතර අති මහත් බහුතරය නවක මන්ත්‍රීවරු වූහ.එදා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ පතාක යෝධයින් පසුපසට ඇද දමමින් ඉහලම ජන ප්‍රසාදයෙන් තෝරාගත් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් තිස් නව දෙනාගෙන් මෙවර ජාතික ජන බලවේගය යටතේ තරඟ කිරීමට ඉතිරිවී ඇත්තේ එකොලොස් දෙනෙක් පමණ ය. ඉතිරි සියල්ලෝම මේ වන විට පුවක් වල්ල පොලොවේ ගැසුවාක් මෙන් විසිරී ගොසිනි සමහර රනිල්ගේ සිලින්ඩරයේ ය. සමහරු සජබයේ ය.සමහරු නිහඬ ය.සමහරුන් උන්නද මළාද කියා ආරංචියක්වත් නැත.
එදා සුපිරියටම සිටි ජවිපෙ මන්ත්‍රීවරුන් පර්ලිමේන්තුවට පත්වීමෙන් පසුව සිය පක්ෂය තුළ රඳවා ගැනීමට ජවිපෙ අසමත් වූ ලෙසින්ම මෙදා පත්කරන අයව දිගට රඳවා ගැනීමට ජාතික ජන බලවේගය සමත්වේවිද යන්න නිතැතින්ම මතුවන ගැටලුවකි. පැරණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙවර මැතිවරණයට තරඟ වැදීම ප්‍රතික්ෂේප කරමින් නිහඬ වී ඇති බව මීට පෙර සටහන් කළෙමි.එසේ වුවත් සියලුම පක්ෂවලින් පැරණි මන්ත්‍රීවරුන් 165 දෙනෙකු පමණ මෙවර දිස්ත්‍රික් මට්ටමින් තරඟයට පිවිස ඇත.ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් නවක මන්ත්‍රීවරු අවම 31,දෙනෙකුවත් පත්වීමට ඉඩ ඇත. මේ 165 දෙනා අතරින් 44 ක් වැඩිම හිටපු කැබිනට් ඇමතිවරු සංඛ්‍යාවක් තරඟ කරන්නේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් නැත්නම් රනිල් වික්‍රමසිංහ යටතේ ගැස් සිලින්ඩරයෙනි . ඒ සංඛ්‍යාව 21කි.ඒ 21දෙනාගෙන් 11දෙනෙක් රනිල් සමග කෙලින්ම ආර්ථික අර්බුදය කළමනාකරණයට එක් වූ කැබිනට් ඇමතිවරු වෙති.ඔවුන් නම් වශයෙන් පවසතොත් සුසිල් ප්‍රේම ජයන්ත කොළඹින් ද නලින් ප්‍රනාන්දු ගම්පහින් ද විදුර වික්‍රමනායක කළුතරින් ද රමේෂ් පතිරණ හා මනුෂ නානායක්කාර ගාල්ලෙන් ද කාංචන විජේසේකර මාතරින් ද මහින්ද අමරවීර හම්බන්තොටින් ද නිමල් සිරිපාල හා හරින් ප්‍රනාන්දු බදුල්ලෙන් ද පවිත්‍රා වන්නිආරච්චි රත්නපුරෙන් ද රංජිත් සියඹලාපිටිය කෑගල්ලෙන්ද තරඟයට එක්වී සිටිති.සිලින්ඩරයෙන් තරඟ වදින ඉතිරි කැබිනට් ඇමතිවරුන්ගෙන් 6දෙනෙක් යහපාලන රජයේ ද 3දෙනෙක් ෆෝඨාභයගේ රජයේ ද එක් අයෙක් මගින්ද රාජපක්ෂ යටතේද කැබිනට් ඇමතිවරුන් ලෙස කටයුතු කළ අය වෙති.සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම්වල හිටපු කැබිනට් ඇමතිවරු 13දෙනෙක් තරඟ කරති.ඉන් 10ක් යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරු වෙති. 3දෙනෙක් මහින්ද රාජපක්ෂ යටතේ සිටි ඇමතිවරු ය.ජාතික ජන බලවේගය යටතේ තරඟ කරන හිටපු කැබිනට් ඇමතිවරු තිදෙනෙකි.ඒ හරිනි අමරසූරිය, විජිත හේරත් හා කේ ඩී ලාල් කාන්ත ය.පොහොට්ටුව ලකුණෙන් හිටපු ඇමතිවරු දෙදෙනෙක් තරඟ කරති ඒ සරත් වීරසේකර හා ජොන්ස්ටන් ප්‍රනාන්දු ය.සර්ව ජන බලයෙන්ද හිටපු අමාත්‍යවරු දෙදෙනෙක් තරඟ කරති ඒ උදය ගම්මන්පිල හා රොෂාන් රණසිංහ ය.මේ හැර එජාපයෙන් ජිවන් තොන්ඩමන් ද ඊපීඩීපී පක්ෂයෙන් ඩග්ලස් දෙවානන්ද ද සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්රසයෙන් රිෂාඩ් බදියුදීන් ද හිටපු ඇමතිවරුලෙස තරඟ කරති.එසේම සෑම පක්ෂයකින්ම පහේ හිටපු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු 41ක්ද මන්ත්‍රීවරු 80 ක්ද මේවර මහ මැතිවරණයේ දිස්ත්‍රික් අපේක්ෂකයන් ලෙස තරඟ වදිති.
පාර්ලිමේන්තුව එක් පක්ෂයකින් පුරවන්නයැයි කරන ඉල්ලීම පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ගරුකරන කිසිවෙකු වත් නොකළ යුතු ඉල්ලීමක් බව මගේ වැටහීම ය. සත්‍ය වශයෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට පැහැදිලි බහුතරයක් ලබාදීම් අත්‍යාවශ්‍යය.එහෙත් තුනෙන් දෙකේ බලය වැනි අසීමිත පාර්ලිමේන්තු බලයක් කිනම් ආණ්ඩුවකට හෝ ලබාදීමම රට අනතුරේ හෙලීමකි.වඩාත් සරල ලෙස කීවොත් ජනතාවට “ඉල්ලං කෑමට”සිදුවන පොටකි.
තත්වය එසේ වුව ද පාර්ලිමේන්තුව එක් පක්ෂයකින් පුරවන්නයැයි කරන ඉල්ලීම පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ගරුකරන කිසිවෙකු වත් නොකළ යුතු ඉල්ලීමක් බව මගේ වැටහීම ය. සත්‍ය වශයෙන්ම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට පැහැදිලි බහුතරයක් ලබාදීම් අත්‍යාවශ්‍යය.එහෙත් තුනෙන් දෙකේ බලය වැනි අසීමිත පාර්ලිමේන්තු බලයක් කිනම් ආණ්ඩුවකට හෝ ලබාදීමම රට අනතුරේ හෙලීමකි.වඩාත් සරල ලෙස කීවොත් ජනතාවට “ඉල්ලං කෑමට”සිදුවන පොටකි. මෙරට තුනෙන් දෙකේ බලයක් ලැබුණු පලමු ආණ්ඩුව වූයේ 1970 පත්වූ සමගි පෙරමුණු ආණ්ඩුව යි.එම ආණ්ඩුව බලය අන්තනෝමතිකව යොදා ගෙන පාර්ලිමේන්තුවේ අයු කාලය දික්කරගෙන පිරිහී ගොස් අවසානයේ මණ්ත්රී ධුර අටට බැස බලය සෝදා පාලු කර ගත්තේය. යළිත් වසර දාහතරක් යනතුරු ඔවුන්ට බලයට ඒමට ද නොහැකිවූයේ ඒ තුනෙන් දෙකේ බලය නිසා ය.එම යුගය එවක ප්‍රධාන විපක්ෂය විසින් හඳුන්වන ලද්දේ “හත් අවුරුදු ශාපය” ලෙසිනි. ඒ රජයේ ද නවක මන්ත්‍රිවරු රැසක් නියෝජනය වූ අතර ජ්‍යෙෂ්ඨයන් බලයෙන් උදම්ව කළ අත්තනෝමතික ක්‍රියාවලට විරුද්ධ වීමට නවකයන්ට ශක්තියක් තිබුණේ නැත. ඉන්පසු කුප්‍රකට හයෙන් පහක බලය ලැබුණේ ජේ ආර් ජයවර්ධනට ය.ඔහුගේ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව ද නවතම මන්ත්‍රීන් අති මහත් බහුතරයකින් සමන්විත විය.ඔහු හයෙන් පහේ පාර්ලිමේන්තු බලය යොදාගෙන කළ හිතුවක්කාර,දඩබ්බර කම්වලට විරුද්ධ වීමේ ශක්තියක් ඒ නව මන්ත්‍රී රොත්තට තිබුණේ නැත. දින රහිත ඉල්ලා අස්වීමේ ලිපියක් ඉල්ලා ගෙන ජේ ආර් ඔවුන් නිහඬව කළ අතර පසුව ඔව්හු ජේ ආර් කරන දේට අතක් වෙනුවට අත් දෙකම ඉස්සුහ.අවසානයේ මුලු රටම ලේ විලක් කර තමන්ගේ පක්ෂයේ විශාල පිරිසකට ජිවිත ද අහිමි කරමින් තමන්ගේ අනුප්‍රාප්තික නායකයන් වත් මහ මග ඝාතනය වන රටක් ඒ අසීමිත බලයෙන් ගොඩ නැගුවේ ජේආර් ය. ඉන්පසු ත්‍රස්තවාදයෙන් රට බේරාගත් රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂට තුනෙන් දෙකේ බලය හදාගන්නට මහ ජනතාව ඉඩ දුන්හ.රට බේරා දුන් මහා වීරයා ලෙස ඉතිහාස ගතවන්නට පූර්ණ වාසනාව තිබූණු මහින්ද රාජපක්ෂ රට කාබාසිනියා කළ නායකයා ලෙස ඉතිහාසයේ කලු පිටුවට තල්ලු වී ගොස් උපහාසාත්මක පක්ෂි නාම පවා ආරෝපණය වූයේ ඒ තුනෙන් දෙකේ බලයෙනි.අන්තිම තුනෙන් දෙකේ බලය දුන්නේ ගෝඨාභය රාජපක්ෂට ය.අන්තිමේදී මිනිසුන් ජීවත් වෙන රටක් නොව මිනිසුන් ජීවිතය බේරාගෙන පලායන රටක් බවට පත්කර ලෝක රාජ්‍යයන් අතර නින්දනීය තැනට රට පත්කෙරුනේ ඔහු ගේ ඒ තුනෙන් දෙකේ බලයෙනි.පසුව ගෝඨාභය ද පන බේරාගත්තේ පූරුවේ පිනකින් විය යුතු ය.
අසීමිත බලය මේ රටේ සියලුම ආණ්ඩුවලට අත්කර දුන්නේ විනාශය බව මහජනතාව තේරුම් ගත යුතුය.තමන් පත් කරන ආණ්ඩුවල විනාශය අන්තිමේදී භුක්ති විඳින්නට වෙන්නේ ද ඒ පත් කරන අයටම බව මේ අසීමිත ජන බලයෙන් මෙතෙක් රටේ සිදු වුණු ක්‍රියාවන් මගින් ඔප්පු කර පෙන්වා ඇත.ඒ නිසා මහජනතාව ආණ්ඩුවලට ප්‍රමාණවත් බලය මිස අසීමිත බලය ලබා නොදීමට ප්‍රවේසම් විය යුතු ය.
ඒ නිසා අසීමිත බලය මේ රටේ සියලුම ආණ්ඩුවලට අත්කර දුන්නේ විනාශය බව මහජනතාව තේරුම් ගත යුතුය.තමන් පත් කරන ආණ්ඩුවල විනාශය අන්තිමේදී භුක්ති විඳින්නට වෙන්නේ ද ඒ පත් කරන අයටම බව මේ අසීමිත ජන බලයෙන් මෙතෙක් රටේ සිදු වුණු ක්‍රියාවන් මගින් ඔප්පු කර පෙන්වා ඇත.ඒ නිසා මහජනතාව ආණ්ඩුවලට ප්‍රමාණවත් බලය මිස අසීමිත බලය ලබා නොදීමට ප්‍රවේසම් විය යුතු ය. ආණ්ඩුවල නායකයන්ගේ පදයට ම නටන රූකඩ බඳු මන්ත්‍රී වරු පත්කරනවාට වඩා නිවැරදි දේට සහය දෙන වැරද්දට සෘජුවම එරෙහිවන ශක්තිය ඇති ප්‍රතිපත්ති ගරුක මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට පත් කිරීම ජනතාවගේ වගකීමකි.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති