තුර්කි භූකම්පාවේ මරණ 7500 ඉක්මවයි

තුර්කියේ හටගත් භූමිකම්පාව හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වන විට 7,500 ඉක්මවා ඇතැ‍යි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අතර තවත් දස දහස් ගණනක් තුවාල ලබා ඇත. ගොඩනැගිලි දහස් ගණනක් ද සුන්බුන් බවට පත් වී ඇත.එරට වේලාවෙන් පසුගිය සඳුදා අලුයම ගිනිකොනදිග තුර්කියේ සහ වයඹදිග සිරියාවේ රිච්ටර් මාපකයේ 7.8 ක භූමිකම්පාවක් ඇති වූ අතර එහි කම්පනය ලෙබනනය, සයිප්‍රසය, ග්‍රීසිය, ඊශ්‍රායලය සහ පලස්තීන ප්‍රදේශ දක්වා ඈතට විහිද තිබිණ. රික්ටර් පරිමාණයේ 7.5ක ප්‍රබලත්වයකින් යුත් දෙවන භූමිකම්පාව පැය 9කට පසුව ඇති විය.එම රටවල් දෙකම තවමත් ආපදා හානි යථා තත්වයට පත් කර්මින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.1939 වසරෙන් පසු ලොව සිදු වූ දරුණුතම භූ කම්පනය මෙය බව පැවසෙයි.

කාලීන පුවත්