තුර්කියේ සිදු වූ මාරාන්තික භූමිකම්පාවලින් මරණ සංඛ්‍යාව ඉහළ යද්දී, ගෝලීය මුදවා ගැනීමේ හා සහන කණ්ඩායම් බැරෑරුම් අභියෝගවලට හා අසීරුතාවයනට මුහුණ දෙමින් හිඳින බව වාර්තා වෙයි.භූමිකම්පාවෙන් පසු තුර්කියේ ඉස්කෙන්ඩරුන් හි කඩා වැටුණු නිවස්න ගොඩනැගිල්ල තුළ සිරවී ඇති සිරුරු වෙත ප්‍රවේශ වීමට සිවිල් වැසියන් සහ ප්‍රදේශවාසීන් උත්සාහ කිරීමේ දී අතුරු අනතුරු සිදුව ඇති අතර මුදවා ගැනීමේ හා සහන කණ්ඩායම් වල උපක්‍රමශීලී මෙහෙයුම් සම්බන්ධයෙන් ද ගැටළු මතු වෙමින් තිබේ.මේ අතර ඉන්දියාව ද විශේෂිත පුහුණු මුදවා ගැනීමේ හා සහන කණ්ඩායම් සහිත ගුවන් යානා දෙකක් තුර්කියට පිටත් කොට ඇත.