තෙල් බෙදන්න යන රාළහාමිලාට වැඩ වරදියි

මේ වන විට ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා වලට පොලිස් නිලධාරීන් සම්බන්ධ බවට ලැබෙන මහජන පැමිණිලි අනුව ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිතව රාජකාරී කරන පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාවන් කෙරෙහි පොලිස් පති වරයාගේ විශේෂ අවධානය යොමුව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව ඉන්ධන පිරවුම් හල් අවට මහජන සාමය ආරක්ෂා කිරීමේ රාජකාරියෙන් බැහැරව රාජකාරී මට්ටමින් ඔබ්බට ගොස් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වලට කිනම් හෝ සම්බන්ධයක් දක්වන පොලිස් නිලධාරීන් කෙරෙහි දැඩි විනය ක්‍රියා මාර්ග අනුගමනය කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් දන්වා සිටියි.

කාලීන පුවත්