තේ නිෂ්පාදනයත් පහළට

මේ වසරේ පෙබරවාරි මාසයේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 18.16 ක් වන අතර එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 20 කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.පසුගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ රසායනික පොහොර තහනම මෙම තත්ත්වයට හේතුවී ඇති අතර පොහොර තහනමට පෙර ශ්‍රී ලංකාව තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.3 ක් පමණ වාර්ෂික ආදායමක් උපයා තිබේ.තේ වගාව සහ රසායනික පොහොර අතර සෘජු සම්බන්ධයක් ඇති අතර එම පොහොර භාවිතයෙන් තේ නිෂ්පාදන වලට විෂ එක් වන බවට පැතිර ගිය මිථ්‍යාව ප්‍රධාන ශ්‍රී ලංකා තේ ගැනුම් කරුවන් වන මහා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් සිය තත්ව පරීක්ෂණ වාර්තා මඟින් තහවුරු කර තිබියදී පවා තේ වගාව ද කාබනිකකරණය කිරීමට රජය දැරූ උත්සාහය මත මෙම අපනයන ආදායම පහළ වැටුණු බව කෘෂි ආර්ථික විද්‍යාඥයන් විසින් පෙන්වා දී තිබේ.

කාලීන පුවත්