තොරතුරු තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය ජුනි අග සිට පාසල් 20 ක

ශ්‍රී ලාංකේය අධ්‍යාපනය ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රමිතියට නඟා සිටුවීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කරන බවත් එහි නියමු ව්‍යාපෘතිය ජුනි මස අග සිට තෝරාගත් පාසල් 20 ක ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.ඇමතිවරයා අද(16)මේ බව පැවසුවේ පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය අනුස්මරණය කිරීම වෙනුවෙන් පවත්වනු ලැබූ රචනා තරගයේ ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ය.

කාලීන පුවත්