“කවුරු කොහොම කිව්වත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි අන්තිමට දංගෙඩියට බෙල්ල තියන්න ඉස්සරහට ආවේ. ඒ හින්දා අපිට සිද්ධවෙනවා ඉදිරියේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උදවු කරන්න. තමුන්නාසේලා ඒ ඇත්ත ගමේ මිනිස්සුන්ට කියන්න” යැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීය.ඔහු මේ බව කියා සිටියේ පසුගිය බදාදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේරත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාගේ කාර්යාලයට ගොඩවැදී එහි සිටි හිටපු පළාත් පාලන මන්ත්‍රිවරුන් සමඟ පැවැති කතාබහකදී ය.තනියෙන් එන අපේක්ෂකයකුට ජයගත නොහැකි බවත්, මෑත කාලීනව ජනාධිපතිවරු බිහිවුණේ සන්ධාන ආණ්ඩුවලින් බවත්, මෙවර ද දිනන්නේ සන්ධානයකින් එන නායකයෙක් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.“මගේ පුද්ගලික මතය මේ ජනාධිපතිතුමාට තවත් අවස්ථාවක් දෙන්න ඕන කියන එක. මොකද මේ වෙලාවෙ විශ්වාස කරන්න පුළුවන් මෙතුමා ගැන විතරයි. මේ වෙලාවේ අපේ පක්ෂයේ වුණත් වෙනත් අයකුට ඉඩ නෑ ” යැයි ද ඔහු පවසා ඇත.
.