දකින්න බිය වුණත් තොරතුරු දැන ගන්න කැමති අද්භූත රූප ගැන කතා

 

දකින්න බිය වුණත් තොරතුරු දැන ගන්න කැමති අද්භූත රූප ගැන කතා මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුවැල්ල ප්‍රදේශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක දෙසට ඇදහැලෙන අහුපිණිඇල්ල සොඳුරු බවින් අනූන සොබාදහමේ අසිරිමත් නිමැවුමකි. ඒ සුන්දරත්වය හැරුණුකොට තවත් කරුණක් නිසා ද ප්‍රසිද්ධියට පත්ව තිබේ. එනම් රාත්‍රී සේම ඇතැම් දිවා කාලයන්හිදී ද ඇල්ල අබියස දක්නට ලැබෙතැයි කියන අද්භූත කාන්තා රූපයක් නිසා ය.”අහුපිණි ඇල්ලේ රූමතිය”යනුවෙන් ද හැඳින්වෙන එම අද්භූත කාන්තා රූපය සම්බන්ධ්යෙන් මම ද විමසුමක් කළෙමි.

‘‘ඔය කතාව අපිත් ඕනෑ තරම් අහලා තියෙනවා. නමුත් මුලදී විශ්වාස කළේම නැහැ. ඒත් පස්සේ මෙන්න මෙහෙම දෙයක් නම් වුණා.’’ඒ සම්බන්ධ තතු විමසුම පිණිස අහුපිණි ඇල්ල අවට කළ සංචාරයක දී අප හා එසේ පවසන ලද්දේ උඩුවැල්ලේ පදිංචි රෝහණ රංජන් අබේරත්න ය. ඔහු අහුපිණිඇල්ල පරිසරය සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා ද වෙයි.
‘‘මමයි මගේ නෝනයි මීට ටික කාලෙකට ඉස්සර ඔය දියඇල්ල අයිනෙන් වැටිලා තියෙන නාත්තකන්ද පාරෙන් පහළට යමින් හිටියා. ඔය ඇල්ලේ පහල තියෙනවා මිනීකඳවල කියලා තැනක්. මට තරමක් ඉස්සරහින් යමින් හිටපු නෝනා ඒ හරියෙදි මගෙන් අහනවා, ‘කවුද අනේ අර ඉස්සරහින් යන ගෑනු කෙනා කොණ්ඩෙත් කඩා දාගෙන’ කියලා. එතකොට මාත් ඉස්සරහ බැලුවා.පේනතෙක් මානෙක මිනිස් පුළුටක්වත් නැහැ. වටේටම මහ කැලේ නේ.එතකොට මටත් තේරුණා කාරණේ. ඒ හින්දා මාත් කිව්වා ‘ඔය උඩහ පැත්තේ ගෙදරක ගෑනු කෙනෙක්නේ’ කියලා.

හොල්මන් නිවාස

‘‘ඔය කතාව අපිත් ඕනෑ තරම් අහලා තියෙනවා. නමුත් මුලදී විශ්වාස කළේම නැහැ. ඒත් පස්සේ මෙන්න මෙහෙම දෙයක් නම් වුණා.’’ඒ සම්බන්ධ තතු විමසුම පිණිස අහුපිණි ඇල්ල අවට කළ සංචාරයක දී අප හා එසේ පවසන ලද්දේ උඩුවැල්ලේ පදිංචි රෝහණ රංජන් අබේරත්න ය. ඔහු අහුපිණිඇල්ල පරිසරය සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා ද වෙයි.
‘‘මමයි මගේ නෝනයි මීට ටික කාලෙකට ඉස්සර ඔය දියඇල්ල අයිනෙන් වැටිලා තියෙන නාත්තකන්ද පාරෙන් පහළට යමින් හිටියා. ඔය ඇල්ලේ පහල තියෙනවා මිනීකඳවල කියලා තැනක්. මට තරමක් ඉස්සරහින් යමින් හිටපු නෝනා ඒ හරියෙදි මගෙන් අහනවා, ‘කවුද අනේ අර ඉස්සරහින් යන ගෑනු කෙනා කොණ්ඩෙත් කඩා දාගෙන’ කියලා. එතකොට මාත් ඉස්සරහ බැලුවා.පේනතෙක් මානෙක මිනිස් පුළුටක්වත් නැහැ. වටේටම මහ කැලේ නේ.එතකොට මටත් තේරුණා කාරණේ. ඒ හින්දා මාත් කිව්වා ‘ඔය උඩහ පැත්තේ ගෙදරක ගෑනු කෙනෙක්නේ’ කියලා. කොහොමහරි ඊට ටික කාලෙකට පස්සේ එක රේඩියෝ චැනල් එකක ඔය අද්භූත දර්ශන ගැන ප්‍රෝගෑම් එකක් මටත් සිද්ධ වුණා ඒකට මගේ අද්දැකීමක් කියන්න. ඉතින් මමත් ඒ වැඩසටහනට සජීවීව සම්බන්ධ වෙලා ඔය කතාව කියනවා අහගෙන හිටපු නෝනා අන්දුන්කුන්දුන් වුණා.පස්සේ මෙයා මගෙන් අහනවා ‘එතකොට මම එදා ඒ දැකලා තියෙන්නේ ඔය කියන හොල්මනද?’ කියලා. මමත් එතකොට හිනාවෙලා ඇහුවා ‘ඒ කතාව දැන් අහලා ඔයා ඔය තරම් බය වුණ එකේ ඒ වෙලාවෙම කිව්වා නම් කොහොමට බයවේවිද?’ කියලා.’’අබේරත්න මහතා කීයේ සිනාසෙමිනි.

හොල්මන් නිවාස

අද්භූත කාන්තා රූපය පිළිබඳව එබඳු කතාබහක් සමාජය පුරා පැතිර යන අතරේ එම දියඇල්ල සමීපයේදී ගනු ලබන ඡායාරූපවල ද අද්භූත රූප දක්නට ලැබෙන බවට ආරංචි පැතිර ගියේය. ඒවා වඩාත් ප්‍රචලිත වන ලද්දේ 2019 වසරේ ජූලි 14 දා කැලණිය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයෙකු එම දියඇල්ලට බිලිවීමත් සමගිනි.එම සිදුවීමෙන් කම්පාවට පත් ඔහුගේ මිතුරු මිතුරියන් ඇතුළු ඔහු පිළිබඳව දන්නා පිරිස් එම ඛේදවාචකය සිදුවූ ස්ථානය දැකගැනීමට පැමිණ අතර, ඔවුන් විසින් ගනු ලැබූ ඡායාරූප සමහරක ද අද්භූත රූප සටහන්ව තිබූ බව උඩුවැල්ලේ ගැමියෝ අප හා කීහ. ඒ එම සිද්ධියට මාස කිහිපයකට පසු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සුගත් විජයවර්ධන ද සමඟ මා අහුපිණිඇල්ල ප්‍රදේශයේ සංචාරයක යෙදෙන අතරේ ය.

හොල්මන් නිවාස

1994 වසරේ මා ශ්‍රීපාද අඩවිය සම්බන්ධ ජනශ්‍රැති අධ්‍යයනයක යෙදෙන අතරේ එවකට අවාරයේ ශ්‍රීපාදස්ථානයේ මුරකාර භූමිකාව කළ ශ්‍රී පලාබද්දල පදිංචි තිස්ස කුමාර මහතාගෙන් මෙබඳු තොරතුරක් දැනගන්නට ලැබිණ.
‘‘මම සතියකට හමාරකට සැරයක් පහළට ඇවිත් කෑම උයාගන්න උවමනා හාල්, පොල්, පරිප්පු, තුනපහ වගේ කළමනා පොදියක් අරගෙන හිමේට යනකොට හිමේ මැද්දේදි පාරේ ඈතින් සුදුම සුදුපාට ඇඳුමක් ඇඳගත්තු කෙනෙකු පේනවා. මේ දර්ශනය මට වගේම අපේ අප්පුච්චලාටත් පෙනිලා තියෙනවා. ඒ අය තමයි කිව්වේ එහෙම පේන්නේ හූනියම් දේවතාවන්වහන්සේ, උන්වහන්සේ එහෙම පෙනී ඉන්නේ අපිට ආරක්ෂාව ඒ නිසා බය වෙන්න එපා කියලා. ඒ හින්දා මමත් බය නැතුව ඉස්සරහට යනවා. කොහොම හරි ඉතින් ඒ එක්කම මගේ ඇඟටත් අමුතුම සනීපයක් දැනිලා මහන්සිය නැතුව යනවා.ඒ එක්කම මට අමුතු සනීපදායක නිදි මතක් දැනෙනවා ඒ හින්දා මම උඩමළුවට ගියාට පස්සේ සේරටම කලින් කරන්නේ පැයක් දෙකක් හොඳට නිදාගන්න එක.’’තිස්ස කුමාර මහතා කීය.

අබේරත්න මහතාගේ බිරිඳ සහ තිස්ස කුමාර මහතා දුටු දර්ශන අතර යම් සමානත්වයක් තිබේ.ඔවුන් දෙදෙනාම ඒ අද්භූත රූප දැක ඇත්තේ නිහඬ, නිසංසල වනගත පරිසර පද්ධතීන් තුළදී ය. එමෙන්ම අනුරාධපුර, කුට්ටම්පොකුණ අද්දරින් හැරී යන ගල්පාලම පාර ආසන්නයේ පිහිටි විජයාරාමය නමින් හඳුන්වන පැරණි ආරාමික වනපෙත තුළද දිවා කාලයේ අද්භූත අයුරින් භික්ෂූන් වහන්සේලාගේ රූ ප්‍රදර්ශනය වන බව ද මීට දස වසරකට පමණ පෙර අපට දැන ගත හැකි විය. මේ සියලු සිදුවීම්වලට පදනම් වී ඇත්තේ ඒ අත්දැකීම්වලට මුහුණ දුන් පුද්ගලයන්ගේ හුදෙකලා බව සහ හාත්පස පරිසරයේ වූ නිහඬ, නිසංසල බව පදනම් කරගත් කිසියම් මනෝමය සාධකයක් බව පෙනේ.

මෙහිදී අබේරත්න මහතාගේ බිරිඳ සහ තිස්ස කුමාර මහතා දුටු දර්ශන අතර යම් සමානත්වයක් තිබේ.ඔවුන් දෙදෙනාම ඒ අද්භූත රූප දැක ඇත්තේ නිහඬ, නිසංසල වනගත පරිසර පද්ධතීන් තුළදී ය. එමෙන්ම අනුරාධපුර, කුට්ටම්පොකුණ අද්දරින් හැරී යන ගල්පාලම පාර ආසන්නයේ පිහිටි විජයාරාමය නමින් හඳුන්වන පැරණි ආරාමික වනපෙත තුළද දිවා කාලයේ අද්භූත අයුරින් භික්ෂූන් වහන්සේලාගේ රූ ප්‍රදර්ශනය වන බව ද මීට දස වසරකට පමණ පෙර අපට දැන ගත හැකි විය. මේ සියලු සිදුවීම්වලට පදනම් වී ඇත්තේ ඒ අත්දැකීම්වලට මුහුණ දුන් පුද්ගලයන්ගේ හුදෙකලා බව සහ හාත්පස පරිසරයේ වූ නිහඬ, නිසංසල බව පදනම් කරගත් කිසියම් මනෝමය සාධකයක් බව පෙනේ. එදිනෙදා ජිවිතයේදී කලබලකාරී, නාගරික පරිසරයන් තුළ අප අත්දකින මනැසට වෙහෙසක් ගෙන දෙන තත්ත්වයන් නිහඬ,නිසංසල පරිසරයන් තුළ දී අත්විඳීමට නොලැබේ. බාහිර අරමුණුවලින් තොර එවැනි තත්ත්වයන් තුළදී සිතටත්, ගතටත් අමුතුම සුවයක්, සහනදායී බවක් ලැබුණු බව එවන් ස්ථානවලට ගියවුන් පවසන්නේ එබැවිනි. එමෙන්ම යම් යම් පාළු අවකාශයන් තුළ වෙනයම් අරමුණකින් තොර කිසියම් නිශ්චිත දුරක් එක එල්ලේ බලාගෙන සිටීමේදී හෝ ඉදිරියට යාමේදී ස්වභාවිකව හටගන්නා අර්ධ නිද්‍රාමය තත්ත්වයන් තුළ යටි සිත තුළින් මතුවන විවිධ පරිකල්පන, ව්‍යාජ භ්‍රාන්තීන් සේ දිස්වීමේ යම් හැකියාවක් පවතී. මිනිස් වාසයෙන් තොර පැරණි, පාළු මහා මන්දිරවල දිගු කොරිඩෝවන්හි ගමන්කිරීමේදී ද වරින් වර මෙවැනි අද්භූත රූප දර්ශනය වන බවට තොරතුරු තිබේ.ඒවා ලොව පුරා හැඳින්වෙනුයේ හොල්මන් මන්දිර ( Haunted houses ) ලෙසිනි. නමුදු ඒ ආකාරයේ අද්භූත රූප අප රටේ දුලබ ය. ඒ එතරම් සුවිසල් පාළුවට ගිය පැරණි මන්දිර අප රටේ දක්නට නොලැබෙන බැවිනි.

2019 ජූලි 14 වනදා සිදුවූ ඛේදවාචකයෙන් පසු සරසවි සිසුන් විසින් ගනු ලැබූ අහුපිණිඇල්ල ආශ්‍රිත ඡායාරූපවල දක්නට තිබූ බව පැවසෙන අද්භූත රූප එම ප්‍රදේශයේ තරුණයෙකු විසින් වට්ස්ඇප් මාර්ගයෙන් ගෙන්වාගෙන ඇතැයි දැනගන්නට ලැබුණු බැවින් වෛද්‍ය සුගත් සමග මම ඒ සම්බන්ධයෙන් ද විමසුමක් කළෙමි.
දැනට අප සමාජයේ බහුලව භාවිත කෙරෙන ජංගම දුරකතනවල ඇති කැමරාද සහිත ක්ෂණික ස්වයංක්‍රීය Instamatic) කැමරා, තාක්ෂණික වශයෙන් ඉතා ප්‍රාථමික ය. ඒවායේ ලෙන්සය සහ ක්ෂණික ආලෝක ධාරා විහිදුවන ෆ්ලෑෂරය ඇත්තේ එකම ස්ථානයකය. එබැවින් එවන් කැමරාවකින් ෆ්ලෑෂරය දල්වා ඡායාරූපයක් ගැනීමේ දී ලෙන්ස් එක ඉදිරියේ ඇති ඉතා සියුම් ධූලි හෝ ජලවාෂ්ප අංශුවක් වෙත එම ෆ්ලෑෂර් ආලෝකය පතිත වීමෙන් විවිධ පැහැයන්ගෙන් යුතු ගෝල ඡායාරූපයේ දක්නට පුළුවන.
මේවා හැඳින්වෙනුයේ මණ්ඩල (Orbs) යනුවෙනි.

ඡායාරූප වලට ගොනුවන මණ්ඩල (Orbs)

වරක් රාගම, බටුවත්ත ප්‍රදේශයේ නිවසක එළිමහන් සාදයකදී ගනු ලැබූ ඡායාරූප රැසක අහසින් පොළොවට පාත්වන උල්කාපාත බඳු එවැනි රූ සටහන් කීපයක් දක්නට ලැබිණි. ඒ රූ සටහන් හඳුනාගත නොහැකි සමහරුන් කියා සිටියේ එම එළිමහන් සාදය සඳහා පිළියෙළ කර තිබූ මස් මාංශ හා පුළුටු කෙරෙහි ලොබ බැඳගත් ප්‍රේතාදී අමනුෂ්‍යයන් අහසේ සිට එම අවළුපත් වෙත පතිතවනු ඒ ඡායාරූපවල සටහන්ව ඇති බව ය.

වරක් රාගම, බටුවත්ත ප්‍රදේශයේ නිවසක එළිමහන් සාදයකදී ගනු ලැබූ ඡායාරූප රැසක අහසින් පොළොවට පාත්වන උල්කාපාත බඳු එවැනි රූ සටහන් කීපයක් දක්නට ලැබිණි. ඒ රූ සටහන් හඳුනාගත නොහැකි සමහරුන් කියා සිටියේ එම එළිමහන් සාදය සඳහා පිළියෙළ කර තිබූ මස් මාංශ හා පුළුටු කෙරෙහි ලොබ බැඳගත් ප්‍රේතාදී අමනුෂ්‍යයන් අහසේ සිට එම අවළුපත් වෙත පතිතවනු ඒ ඡායාරූපවල සටහන්ව ඇති බව ය. එහෙත් එම එළිමහන් පරිසරය පරීක්ෂා කළ මට දක්නට ලැබුණේ එම ගෙමිදුලේ මල්වලින් පිරීගත් වෙරළු ගසක් ඇති බව ය. සුළඟට ගස සෙලවීමේදී බිමට පතිත වන ලදුව එම කැමරාවල ෆ්ලෑෂ් එළියට හසුවී ඡායාරූපවලට නැංවුණු පහළට හැලෙන වෙරළු මල්වලට සමහරෙකු විසින් අමනුෂ්‍ය නාමයන් ආරෝපණය කර තිබුණි. එහෙත්, මෙම අද්භූත රූප එම සංයුක්ත කැමරාවලට වඩා දියුණු තාක්ෂණයකින් යුතු තත්කාච ප්‍රතීක කැමරා (Single lens reflex camera ) වලින් ගනු ලබන ඡායාරුපවල දක්නට නොමැති බවද කිව යුතු ය.

තිලක් සේනාසිංහ

ඉරා අදුරුපට