දමිතාට ඇප රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි අරගලයේ ක්‍රියාකාරීනී, රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියට ඇප ලබා දී තිබේ.ඒ ඇය අද(12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඇය රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටි කාලය තුළ ආහාර පාන ලබා ගැනීමේ සිට සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීම දක්වා විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට ඇයට සිදු වී ඇති බව වාර්තා වෙයි.