දඹරන් පිළිම සොයා පොළොව හෑරූ රාළහාමි ඇතුළු හතරක් පොලිස් දැලේ

දඹරන් බුද්ධ ප්‍රතිමා ඇති බවට ජන සම්මතයේ පවතින පූඩලුඔය ඓතිහාසික කොත්මලේ පුසල්පිටිය රජ මහා විහාරස්ථානය පිටුපස ඇති මලියදේව ලෙන ඉස්මත්තේ පිහිටි කැලෑ ප්‍රදේශයක නිදන් වස්තු ගොඩ ගැනීමට ගොඩගැනීමට කැණීම් සිදු කළ බව කියන ඇමති ආරක්ෂක කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු ඇතුළු ඇතුළු සිව් දෙනෙකු පෙරේදා 26 වැනි දා සැකපිට අත්අඩංගුවට ගත් බව පූඩළුඔය පොලීසිය පවසයි.කැණීම් සිදුකරමින් සිටි බව කියන පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් අතර එක් අයෙක් පලා ගොස් තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ කිරීමේදී හෙළිවූ තොරතුරු මත පළාගොස් ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශය ට අනුයුක්තව රාජකාරිය කරන පොලිස් කොස්තාපල් වරයෙකු බවට තොරතුරු අනාවරණය විණි යැයි පොලිසිය සඳහන් කරයි.පරීක්ෂණ වලදී හෙළි වූ තොරතුරු මත එම කොස්තාපල්වරයා ද සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පූඩළුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ජාතික කෞතුකාගාර සහ කැලණි විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මහතා අවසනුයේ මෙම දඹ රන් ලෙසින් හඳුන්වන බුද්ධ ප්‍රතිමා ළුෑණු සිවියක තරමේ ඝනකමකින් යුතු තුනී රන් තට්ටුවක් ආලේප කළ ලෝහ ප්‍රතිමා බව සියයට සියයක්ම තහවුරු වී ඇති මුත් එම සත්‍යය මාධ්‍ය මඟින් සමාජගත නොවීම මත වටිනා පුරා වස්තු සම්භාරයක් මේ වන විට ද විනාශ වී ඇති බවකි.

කාලීන පුවත්