පාසල් සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සඳහා විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස් කර ඇති වැඩ පොත් හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීම සම්බන්ධයෙන් විදුහල්පති වරුන් ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ හැකි වැඩ පිළිවෙලක් කෙරෙහි අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.පාසල් පොත් බෑගයේ බර වැඩි වීම හේතුවෙන් සිසුන්ට ඇතිවන කොඳුඇට පෙළේ ආබාධ වැනි රෝගී තත්වයන් සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බව සඳහන් ය.එහි එක් පියවරක් ලෙස තෝරාගත් පෙළ පොත් ඛාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට ද මේ වන විට අවශ්‍යය පියවර ගෙන ඇත.