දරුවන් යාචක වෘත්තියට යොදා ගැනීම නතර කිරීමට පියවර

මෙරට දරුවන් යාචක වෘත්තියට යොදා ගැනීම නතර කිරීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් නිර්දේශ කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය වී තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාන්තා හා ළමා පොලිස් ඒකකය ඇතුළු පාර්ශ්වකරුවන්ගෙන් සැදුම්ලත් මෙම විශේෂ කමිටුව සම්බන්ධීකරණය කිරීමේ කාර්යය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරී ඇත.රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාරක සභාවේදී මෙම තීරණය ගන්නා ලදී.මේ වන විට දරුවන් යාචක වෘත්තියට යොදා ගැනීම ජාවාරමක් බවට පත්වීම සම්බන්ධව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

කාලීන පුවත්