දරුවන් හා වැඩිහිටියන් අතරේ හතිය හා වයිරස් උණ පැතිරීමක්

දරුවන් හා වැඩිහිටියන් අතරේ හතිය හා වයිරස් උණ පැතිරීමක් මේ දිනවල පවත්නා සීත කාලගුණික තත්වය හා, ඉහළ වායුගෝලයේ දුහුවිලි අංශු ප්‍රමාණය ඉහළ යාම නිසා දීම කුඩා දරුවන් හා වැඩිහිටියන් අතරේ වයිරස් උණ රෝග සේම ළමා හතිය වැනි ස්වසන මාර්ගයේ රෝගී තත්ත්වයන් ද ඉහළ යාමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු වැඩි දුරටත් පෙන්වා දෙනුයේ සෙසු දිනවලට වඩා ළමා හතියට ගොදුරු වූ රෝගීන්ගේ කැපී පෙනෙන ඉහළ යාමක් දක්නට ඇති බවකි.ළමා හතියට අමතරව වයිරස් උණ රෝගීන්ගේ ඉහළ යාමක්, ඉන්ෆ්ලුවන්සා රෝගීන්, ස්වසන මාර්ගයේ වයිරස් උණ රෝගීන්ගේ වර්ධනයක් දක්නට ඇති බවත් පවසන විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනුයේ ඉහත සඳහන් අයහපත් පාරිසරික තත්වයන්ට ගොදුරු නොවීමෙන් හා එම රෝග නිවාරණයට අදාල සුව පිළිවෙත් අනුගමනය කිරීමෙන් එම රෝගය පැතිර යාම පාලනය කළ හැකි බවකි. එසේම ඉහත සඳහන් රෝග ලක්ෂණ සඳහා මුල් අවස්ථාවේ දීම වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් ඒවා සුවපත් වීමේ පහසු අවකාශයක් පවතින බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙයි.

කාලීන පුවත්