දරුවන්ගේ මානසික, කායික නිදහස හා අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් ලබාදෙන පාසල් නිවාඩු කාලයේදී ඇතැම් පාසල් දරුවන් දිගට ම පාසලට ගෙන්වා ගෙන ඉගැන්වීමට කටයුතු කරන අවස්ථා පවතින සිටින බැවින් එය වැළැක්වීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් දිවානි හෙට්ටිගේ මහත්මිය අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියි.දරුවන් විනෝද ගමන් යෑම හා විවිධ ක්‍රීඩාවල යෙදීම සිදුවන්නේ පාසල් නිවාඩු කාලය තුළදී ය.ලොව බොහෝ රටවල්වල පාසල් නිවාඩුව ක්‍රමවේදයක් අනුව ලබාදීම සිදුවන්නේ දරුවාගේ නිදහස් හා මානසික සුවය දරුවාට අවශ්‍ය නිසාය.ඇතැම් පාසල් නිවාඩු කාලය තුළ කොතෙක් ඉගැන්වීම් කළත් ප්‍රතිඵල රටාවේ වෙනසක් සිදු වී නොමැත.අධ්‍යාපනය යනු පන්ති කාමරයේ කොටු වී කරන අධ්‍යාපනය නොවේ.ආදී වශයෙන් කරුණු දක්වා ඇතිඑම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ පිළිබඳව අධ්‍යාපන බලධාරීන් වහාම අවධානය යොමු කර පාසල් නිවාඩුව දරුවාට නිදහසේ ක්‍රීඩාවෙන් රසවිඳින්නට ඉඩ ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණ ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදෙන ලෙසය.