ශ්‍රී ලංකාවේ බිලියන 40කට වැඩි විදේශ ණය, ද්විපාර්ශ්වික ණය මෙන්ම ජාත්‍යන්තර ආයතන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවීම පාර්ලිමේන්තුවේ 2/3 බලය හිමි කර ගත් අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුතු ජාතික ජනබල වේග රජය මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බව බීබීසී ලෝක සේවා රූපවාහිනී නාලිකාව පවසයි.”ඔවුන් ණය ආපසු ගෙවීම ආරම්භ කරන විට සැබෑ ආර්ථිකය අපහසුතාවයට පත්වනු ඇත.එබැවින් එය කළමනාකරණය කරන්නේ කෙසේද? යන්න අභියෝගයකි. ජනතාව බලා සිටින වැදගත්ම කරුණ යහපත් ආර්ථිකයයි. ජනාධිපතිවරයා එය කෙසේ විසඳනු ඇත්ද යන්න විමසිය යුතු ය. දැන් ඔහුට බලය ඇත, පාර්ලිමේන්තුව ද ඇත. දැන් ඔහු සිදුකළ යුත්තේ ඔහු ගෙන එන ප්‍රතිසංස්කරණ ගෙන ඒමය. ජනාධිපත් අනුර කුමාර දිසානායක සෑම අවස්ථාවකම යහපාලනය සපථ කළ අයෙකි. රට ඉදිරියට ගෙන යාම පිණිස වන ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ඔහු කතා කොට ඇත. ලෝක බැංකුව අනුව මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය වසර පහ තුළ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය දෙගුණ වී ඇති බැවින් ඔහු ජනතාවගේ සුබසාධනය ගැනද කතා කොට තිබේ.පසුගිය කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බිලියන 3ක ණය මුදලක් ලබා දුන් අතර එය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වී තිබේ.දැන් ඔහු සුබසාධන ප්‍රතිපත්ති ගැන කතා කරන අතරම රජය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යුහාත්මක වෙනස්කම් ක්‍රියාත්මක කිරීමේ අභියෝගයට ද මුහුණ දිය යුතුම ය”යනුවෙන් ලෝක සේවා රූපවාහිනී නාලිකාව කරුණු දක්වා ඇත්තේ එහි දකුණු ආසියානු දකුණු ඉන්දීය ප්‍රාදේශීය කර්තෘ අන්බරාසන් එතිරාජන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් මඟිනි.