දැන් සුළඟ හමන දිසාව මැයි 06 දා හවස දැන ගන්න පුළුවන්

දැන් සුළඟ හමන දිසාව කුමක්ද යන්න මැයි 06 වන දින සවස් වන විට මෙරට ජනතාවට අවබෝධ කරගත හැකි බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.අද (22) නුගේගොඩදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල වලින් එය මනාව පෙන්නුම් කරනු ඇති බවයි.සාගර කාරියවසම් මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය නුගේගොඩදී පැවැත්වීමට නියමිත බවකි.
“ගම්වල දැන් ඒ සුළඟ හමලා ඉවරයි, මේ සැරේ ප්‍රතිඵල වලින් රටේ ජනතාව දැන ගනී සුළඟ හමන දිශාව, ලිහලා තියෙන මල්ල ඔබලා බලන්න ඕන නැහැනේ 06 වෙනිදා හවසට රටේ ජනතාවට සාක්ෂි සාධක ඇතුව දේවල් දැනගත හැකියි,අපි බය වෙලා නැහැ පුදුම සතුටකින් ඉන්නේ”යනුවෙන් ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් වරයා කීය.

කාලීන පුවත්