ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්රියාමාර්ගයකට අවතීර්ණවීමට ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසුවේ දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය දිගු කාලයක් පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් මුහුණපාන ගැටළු රාශියකට නිසි විසදුම් ලබා නොදීම ඊට හේතුවී ඇති බවයි.