දිගු කලක් සිර දඬුවම් විඳි වියපත් හා රෝගී රැඳවියන්ට ජනපති සමාව

වියපත් හා රෝගී තත්වයනට පත්ව හිඳින රැඳවියන් බන්ධනාගාර තුළ දීර්ඝ කාලයක් ගත කොට වියපත් හා රෝගී තත්වයනට පත්ව හිඳින රැඳවියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කර යැවීමේ වැඩපිළිවෙළක් අධිකරණ බන්ධනාගාර සහ පුනරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා විසින් ක්‍රියාත්මක කර ඇත.බන්ධනාගාර රැඳවියන් පිළිබඳව සමීක්‍ෂණයක් කර ඔවුන්ගේ ලෙඩ රෝග සහ වයස සොයා බලා අධීක්‍ෂණය කිරීමට වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇති අතර මෙරට බන්ධනාගාරවල වයස්ගත දුර්වල මෙන්ම රෝග පීඩා සහිත සිරකරුවන් සියයක් පමණ සිටින අතර වෛද්‍ය මණ්ඩලය ජනාධිපති සමාව යටතේ නිදහස් කර යැවීම පිණිස දොලොස් දෙනකු අනුමත කොට ඇති බව ද පැවසෙයි.රැඳවියකු පිළිකාවක් වැළඳීම නිසා පීඩාවට පත් ව සිටි දේවද්‍රන් නමැති එල්ටීටීඊ රැඳවියකු ද මෑතකදී ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව ද අධිකරණ ඇමැතිවරයා පැවසීය.

කාලීන පුවත්