දින නියමයක් නැතිව දුම්රිය 42 ක් අවලංගු කෙරේ

නියමිත පරිදි දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය නොමැති වීම හේතුවෙන් අද (12) සිට නැවත දැනුම් දෙන තෙක් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී තිබේ.ප්‍රධාන මාර්ගයේ ගමන්වාර 20 ක්, පුත්තලම් මාර්ගයේ ගමන්වාර 4 ක්, කැලණිවැලි මාර්ගයේ ගමන්වාර 2 ක් සහ මුහුදුබඩ මාර්ගයේ ගමන්වාර 16 ක් මෙසේ අවලංගු කර තිබේ. එම දුම්රිය ධාවන නැවත ආරම්භ කරන දිනය පිළිබඳව මේ වන විට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව දුම් රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්