ඉන්දියාවේ අගනුවර දිල්ලියේ මේ වන විට දැඩි වායු දූෂණ මට්ටමක් පවතී. වාතයේ ගුණාත්මක භාවය මේ වන විට ශීඝ්‍රයෙන් පහළ බැසීමකට ළඟා වී ඇති අතර ඝන විෂ සහිත දුමාරයකින් නගරය වැසී තිබේ.නගරයේ වායු තත්ව දර්ශකය ආසන්න වශයෙන් 500ට ළඟා වූ බැවින් දිල්ලි අවට පාසල් වසා දමා අත්‍යවශ්‍ය නොවන ඉදිකිරීම් තහනම් කරන ලදී .අසල්වැසි හර්යානා සහ පන්ජාබ් යන ප්‍රාන්තවල ගොවීන් බෝග රෝපණ සමයේ දී තම කෙත්වතු පුළුස්සා දැමීමේ තියුණු වැඩිවීමක් හේතුවෙන් පසුගිය සතිය පුරා නගරයේ වාතයේ ගුණාත්මක භාවය පිරිහීමට හේතු වී ඇති බව පැවසෙයි. ඉරිදා, පන්ජාබ් ප්‍රාන්තයේ ගොවිපල ලැව් ගිනි 740% කින් වැඩි වී ඇති අතර එක් දිනක් තුළ දහසකට වඩා වාර්තා විය. නගරයේ දූෂණයට වෙනත් හේතු වන්නේ මෝටර් රථ විමෝචනය, ඉදිකිරීම් සහ අපද්‍රව්‍ය කම්හල්වල කසළ පිළිස්සීමයි.මිලියන 33 ක පමණ ජනතාවක් වෙසෙන දිල්ලිය, ලෝකයේ වඩාත්ම දූෂිතම නගරය ලෙස නිතිපතා ශ්‍රේණිගත කර ඇත. චිකාගෝ විශ්ව විද්‍යාලයේ බලශක්ති ප්‍රතිපත්ති ආයතනය විසින් සම්පාදනය කරන ලද මෙම වසරේ වාතයේ ගුණාත්මක ජීවන දර්ශකයට අනුව, දිල්ලි වැසියන්ට හුස්ම ගන්නා දුර්වල වාතය හේතුවෙන් ඔවුන්ගේ ජීවිත වසර 11.9 කින් කෙටි විය හැකි බැව් අනවරණය කොට තිබේ.