දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කෙරේ

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හා ජලගැලීම් සැළකිල්ලට ගනිමින් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරිමට පියවර ගෙන ඇති බවයි.

ගංවතුර තත්වයත් සමඟ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරිමේ අරමුණින් මෙලෙස එම ප්‍රදේශවල විදුලිය විසන්ධි කර ඇති බව අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේය.

කාලීන පුවත්