දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  පියවර ගෙන තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත සහ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල, දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැළියගොඩ, ඇලපාත, කුරුවිට, කහවත්ත, ගොඩකවෙල, පැල්මඩුල්ල යන ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාස වෙත අදියර දෙක යටතේ අවදානයෙන් සිටින්න යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල සහ යටියන්තොට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ අකුරැස්ස, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, අයගම, බලංගොඩ, ඉඹුල්පේ, ඕපනායක, කිරිඇල්ල සහ කලවාන යන ප්‍රදේශ වෙත අදියර එක යටතේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

එමෙන්ම කඳු ආශ්‍රිතව යම් ප්‍රමාණයක වර්ෂාපතනයක් ලැබෙන බැවින් කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථානයක් කරා ගමන් කරන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

කාලීන පුවත්