පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වය මත දිස්ත්රික්ක 5 ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, ඒ අනුව පහත සඳහන් ප්රදේශ වෙත අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ නිවේන නිකුත් කළ බවයි.
ඒ අනුව ගාල්ල, කළුතර, මහනුවර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්රික්කයන්හි නායයෑමේ අවදානමක් මතුව තිබෙන බව සදහන්.
මේ හේතුවෙන් එම ප්රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද එම ප්රකාශකයා සඳහන් කළේය.