දිස්ත්‍රික්ක පහකට නාය අවදානම් නිවේදන

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 16 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ අවදානම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්  නිකුත් කරනු ලැබ තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව බදුල්ල දිස්ත්‍රකික්යේ පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ, ඇල්පිටිය, සහ යක්කලමුල්ල යන ප්‍රාදෙශිය ලේකම් කොට්ඨාස, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට,රඹුක්කන, ඇරණියගල ,මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාවතගම, අලව්ව සහ පොල්ගහවෙල යන ප්‍රාදේහිය ලේකම් කොට්ඨාස මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය ට ද නාය යෑමේ අවදානම් නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.

මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුල පසුගිය පැය 24 ක කාලය තුල මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බැවින් තව දුරටත් වැසි පවතී නම් නාය යෑමේ අවදානම ගැන විමසිලිමත් වන්නැයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්