දීඝ ජන්තු 1 ඝාතන සැකකාර රක්ෂණ කලමණාකරු රිමාන්ඩ්

සොබා දහමට සැබෑ සොඳුරු බවක් එක් කරමින් කහල්ල පල්ලේ කැලේ අභය භූමියේ සහ කලා වැව් රක්ෂිතයේ සැරි සරූ අඩි පහක් පමණ දිගැති දළ යුගලයකින් යුතු දීඝ දන්තු 1 හස්තියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඩී.එම් උපුල් ප්‍රියන්ත බණ්ඩාර නමැති සැකකරු දෙසැම්බර් 12 දක්වා රිමාන්ඩ් කිරීමට කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(29) පස්වරුවේ නියෝග කර ඇත.ඔහු ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක කැකිරාව ශාඛා කළමණාකරු බව ද පැවසෙයි.ගල්කිරියාගම පොලිස් වසමට අයත් ආඩියාගල පලාගල, හිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් අසල අද තිබූ අනවසර විදුලි රැහැනක ගැටී මෙම ඇතා ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය සඳහන් කරයි.

කාලීන පුවත්