දීප ව්‍යාප්ත වැඩ වර්ජනය ඇරඹෙයි

සියලුම රාජ්‍ය,අර්ධ රාජ්‍ය පෞද්ගලික යන සියලූම පාර්ශ්ව නියෝජනය වන පරිදි වෘත්තිය සමිති 2000 ක් පමණ ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය මේ වන විට ක්‍රියාත්මක බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.මෙම වෘත්තීය වැඩ වර්ජනය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා රැසක් ද අඩපණ වී ඇති බව පැවසෙයි.හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඊයේ(090 දින අරලිය ගහ මන්දිරයට එක් වූ පිරිස එය නිමා වීමත් සමඟ අරලිය ගහ මන්දිරය ඉදිරියේ සහ ගාලු මුවදොර සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කරගනිමින් සිදු කළ ප‍්‍රහාරය හෙලාදකිමින් ඊට විරෝධය දක්වනු පිණිස ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ද මෙම වර්ජනයට එක් ව සිටිති.දැනට පත් කොට ඇති දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මින් ඉදිරියට පිළි නොගැනීමටත්, කිසිදු දේශපාලනඥයකු සහභාගී වන රැස්වීමකට සහභාගීවීමෙන් වැලකීමටත් ඔවුන් තීරණය කර තිබේ.

කාලීන පුවත්