දුම්රිය එන්ජිමක් පීලි පනී

දුම්රිය එන්ජිමක් පීලී පැනීමක් හේතුවෙන් කොළඹ – පුත්තලම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

කොළඹ සිට සීදුව බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක එන්ජිමක් රාගම සහ ජාඇල දුම්රිය ස්ථාන අතර දී පීලී පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ හේතුවෙන් කොළඹ – පුත්තලම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දුම්රිය ප්‍රමාද වී ධාවනය වනු ඇති බව සඳහන් වේ.

කාලීන පුවත්