අමතර කොටස් සහ ඉන්ධන මිල ඉහළ යාම මත සියයට පහලොවත් විස්සත් අතර ප්රශතයකින් බස් ගාස්තු ඉහළ නැංවිය යුතු බවට පෞද්ගලික බස් හිමියන් කරන ඉල්ලීම රටේ පවත්නා වත්මන් වාතාවරණය යටතේ මේ මොහොතේ කෙසේවත් ඉටු කළ නොහැකි බව ප්රවාහන රාජ්ය ඇමති දිලුම් අමුණුගම මහතා කියයි.ඒ අනුව ඉදිරි කාලය තුළ බස් හෝ දුම් රිය ගාස්තු වැඩි නොවන බව ද ඇමති වරයා වැඩි දුරටත් කියයි.එහෙත්, ඇමති වරයාගේ ඒ ප්රකාශය ප්රායෝගික එකක් නොවන බව පෙන්වා දෙන පෞද්ගලික බස් හිමියන් පවසනුයේ එසේ බස් ගාස්තු ඉහළ නැංවීමට ඉඩ නොදෙන්නේ නම් තම පාඩුව පියවා ගැනීම පිණිස ඉන්ධන හා අමතර කොටස් සඳහා සහනාධාරයක් අනිවාර්යෙන්ම හිමි විය යුතු බවයි.එසේ නොකළ හොත් ඉදිරි සති කිහිපය අප රටේ මාර්ග වලින් පෞද්ගලික බස් මුළුමනින්ම ඉවත් වන බව ද ඔව්හු වැඩි දුරටත් කියති.