දුම්රිය ලොක්කාගේ වැරදි කතාවෙන් මඟීන් රස්තියාදුවේ

අද(06) දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බවට පැතිර ගිය ආරංචියක් මත අද අළුයම් යාමයේ සිට දුම්රිය ස්ථාන වෙත පැමිණි මඟීන් විශාල පිරිසකට දුම්රිය නොමැති වීම හේතුවෙන් ආපසු හැරී යාමට සිදු වී තිබේ.ආණ්ඩුවට එරෙහිව අද ක්‍රියාත්මක වන ක්‍රියාත්මක කෙරෙන හර්තාල් ව්‍යාපාරය දුම්රිය ධාවනයට බාධාවක් නොවන බවට දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ගමනාගමන ) ගාමිණී සෙනෙවිරත්න මහතා ඊයේ කළ ප්‍රකාශයක් මීට හේතු වී තිබේ. දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද දිනයේ සේවයට වාර්තා කරන බැවින් දුම්රිය ධාවන වාර 275 කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වීමට නියමිත බව ඒ මහතා ඊයේ මාධ්‍යයට පවසා තිබේ.දුම්රිය මඟීන් විශාල පිරිසක් අද අළුයම සිට දුම් රිය ස්ථාන වෙත පැමිණ ඇත්තේ ඒ අනුව ය. කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ මහතා පවසා ඇත්තේ හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට තම සන්ධානය තීරණය කළ බැවින් මඟීන්ට දුම්රිය ස්ථාන වෙත පැමිණීමෙන් වැළකී සිටින ලෙසයි.මෙවන් තත්වයක් තුළ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ගමනාගමන ) වර්යා අද දින දුම් රිය ධාවනය සම්බන්ධ සාවද්‍ය පුරෝකථනයක් දීම අයථා දේශපාලනික බලපෑමක් මත සිදු කරන ලද්දකැයි බොහෝ දෙනෙක් සැක පළ කරති.

 

කාලීන පුවත්