ඊයේ (12) පැවැති දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් හටගත් මගී තදබදය හේතුවෙන් අනාරක්ෂිත දුම්රිය ගමනක යෙදී සිටිය දී හොරපේ දුම්රිය ස්ථානයේ දී දුම්රියෙන් ඇද වැටී මියගිය තාක්ෂණ ශිෂ්‍යයා වෙනුවෙන් ඔහුගේ පවුල වෙත රු ලක්ෂ 5ක වන්දි මුදලක් මුදලක් ප්රදානය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.