දුමින්ද අත් අඩංගුවට ගන්න සීඅයිඩිය ජ`පුර රෝහලට යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගොස් සිටිති. භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද‍්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන චෝදනාවන්ට වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට අනුව මරණ දණ්ඩනය නියමවී සිරගතව සිටියදී ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ලබා දුන් ජනාධිපති සමාව අත්හිටුවා නැවත ඔහු බන්ධනාගාර ගත කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබේ.රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් ඇත්තේ එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහාය.

කාලීන පුවත්