දුරකථන,අන්තර් ජාල සහ මුදල් ගෙවා නරඹන ටීවී ගාස්තු නගී ලබන සදුදා(05) සිට මෙරට සියලුම දුරකතන ජාල සේවා ගාස්තු සහ මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ නැංවීමට ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අනුමැතිය දි ඇත.ඒ අනුව ජංගම හා ස්ථාවර දුරකතන අන්තර්ජාල සබඳතා සහ වී ඒ එස් පෙර ගෙවුම් හා පසු ගෙවුම් සේවා ගාස්තු සියයට 20 කින් ද රූපවාහිනි සේවා ගාස්තු සියයට 25 කින් ද ඉහළ නංවන බව සංනිවේදන සමාගම් ඒකාබද්ධව නිවේදනය කර තිබේ.වැට් බදු සියයට 12 සිට සියයට 15 ක් දක්වා ඉහළ නැංවිම සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන තිබේ.