ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් ව ටෙන්ඩර් ඇගයීමට පවා ලක් වෙමින් තිබියදී ටෙන්ඩර් ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසයේ පළමු අවස්ථා යුගදනව් ගිවිසුම බව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.ඒ මහතා මේ බව කියා සිටියේG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කොළඹ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය අමතමිනි.
අන්ත දූෂිත බවට හංවඩු ගසන ලද ජේ ආර් යුගය, ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය, රනිල් යුගයටත් වඩා දුෂිත දේ වත්මන් රජය යටතේ සිදුවන බවද කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇතැයිද ඇමැතිවරයා පැවසීය.
ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන තාක් පුරාවට එය පාලනය කිරීම යතුර ඇමරිකාවට ලබාදීම මෙම ගිවිසුම හරහා සිදුවන බවද ඇමතිවරයා පැවසීය.
මෙම ගිවිසුම සෑම අතින්ම ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ගිවිසුමක් බවත් එනිසා මෙම ගිවිසුමට එරෙහිව හඬ නැගීම සඳහා ඇමතිධූර පමණක් නොව ඒ සඳහා කළ හැකි ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බව ද ඔහු තව දුරටත් සඳහන් කළේය.