“දේශපාලනය කියන්නෙම කපටි කමක්” මේ කතාව ඇත්ත ද?

මැතිවරණ උණුසුම කෙමෙන් වැඩිවේ. සෑම ඡන්දදායකයකු ම තමන් රිසි අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමේ බලාපොරොත්තුවකින් පසු වෙයි. බහුතර ඡන්ද දායකයින් සිතා සිටින්නේ තමා ඡන්දය දෙන්නට සැරසී සිටින අපේක්ෂකයා යනු කිසිදු වරදක් නොකරන, අවංක, ඍජු පරමාදර්ශී නායකයකු ලෙසිනි. නමුත් සැබෑව නම් දේශපාලනය නම් විෂය සියයට සියයක්ම අවංක නොවන්නක්ය යන්නය. මන්ද පරමාදර්ශී රාජ්‍ය පාලනයක් මෙතෙක් ලෝකයේ බිහිව නොමැති අතර එවැන්නක් කිසිදා බිහිවන්නේ ද නැති බැවිනි.

ඡන්දදායකයන් ලෙස බහුතරයක් සිතන්නේ තමා රිසි අපේක්ෂකයා බලයට පත්වීමෙන් පසු ජනතාවට උපරිම ප්‍රතිලාභයක් ලබා දෙන බවය. එනම් ජනතා සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉටුකරන බවය. නමුත් සැබවින්ම දේශපාලනය නම් විෂයයේ දී එවැන්නක් කිරීමේ හැකියාවක් නැත. ඔවුන්ගේ මූලික අභිමතාර්ථය වන්නේ ජනතාවට යහපතක් සිදු කිරීම වුවත්, ඊට වඩා අවධානයක් යොමු කරන්නේ ජනතාව වෙනුවෙන් පරම සුබ සිද්ධියක් ළඟා කර දෙනවාට වඩා පාලන බලය රැක ගැනීමය කෙරෙහිය. කුමන අපේක්ෂකයා බලයට පැමිණිය ද මූලික අරමුණ වන්නේ මෙයය.

කෞටිල්‍ය

ඡන්දදායකයන් ලෙස බහුතරයක් සිතන්නේ තමා රිසි අපේක්ෂකයා බලයට පත්වීමෙන් පසු ජනතාවට උපරිම ප්‍රතිලාභයක් ලබා දෙන බවය. එනම් ජනතා සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉටුකරන බවය. නමුත් සැබවින්ම දේශපාලනය නම් විෂයයේ දී එවැන්නක් කිරීමේ හැකියාවක් නැත. ඔවුන්ගේ මූලික අභිමතාර්ථය වන්නේ ජනතාවට යහපතක් සිදු කිරීම වුවත්, ඊට වඩා අවධානයක් යොමු කරන්නේ ජනතාව වෙනුවෙන් පරම සුබ සිද්ධියක් ළඟා කර දෙනවාට වඩා පාලන බලය රැක ගැනීමය කෙරෙහිය. කුමන අපේක්ෂකයා බලයට පැමිණිය ද මූලික අරමුණ වන්නේ මෙයය. මෙය පසුපස ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ.

මේ පිළිබඳ සඳහන් වන පැරණිතම දේශපාලන ග්‍රන්ථය වන්නේ ‘කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය’ යි. කෞටිල්‍ය යනු ක්‍රිස්තු පූර්ව 4 දී ජීවත් වූ, ඉන්දියාවේ චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජයාගේ ප්‍රධාන උපදේශක හා අගමැතිවරයාය. මොහුගේ උපන් නම ‘විෂ්ණුගුප්ත’ වූ අතර වැඩි වශයෙන් ප්‍රකටව සිටියේ ‘චානක්‍ය’ නමිනි. මොහු අයත් ගෝත්‍රය ‘කෞටිල්‍යය’ නම් වූ අතර ඒ නිසා එම නමින් ද ප්‍රකටව සිටියේය. කෙසේ නමුත් ‘කෞටිල්‍ය’ යන්න සංස්කෘත භාෂාව තුළ ‘කපටියා’ යන අර්ථයෙන් ද යෙදේ. එබැවින් කපටිකම රාජ්‍ය පාලනය තුළට එක් කළ තැනැත්තා යන අර්ථයෙන් ද මොහුව ‘කෞටිල්‍ය’ නමින් හඳුන්වනු ලබයි. ඔහු මේ කෘතියෙන් පෙන්වා දුන්නේ බලය ලබාගැනීම පිණිස දේශපාලකයා උපායශීලී සහ කපටි විය යුතු බවය.

ඔත්තුකරුවන් සහ බුද්ධි අංශ යොදා ජනතාවගේ අදහස්වලට සවන් දීම, කැරලි මර්දනය සඳහා දැඩි දඬුවම් ලබා දීම, ජනතාව තුළ බිය ඇති කරමින් සුබසාධනය පවත්වාගෙන යා යුතු බව, කැරලි මර්දනයේ දී වහාම හමුදාව යොදා ඉතා දරුණු ලෙස එය මැඩ පැවැත්විය යුතු බව ආදී කරුණු එහි ඇතුළත් වේ.

දේශපාලනයේ දී කපටිකම පැවතිය යුතු බව පිළිබඳ කියවෙන අනෙක් ග්‍රන්ථය වන්නේ ඉතාලි ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ දාර්ශනිකයකු වූ නිකොලෝ මැකියාවෙල්ලිගේ විසින් ක්‍රිස්තු වර්ෂ 1513 දී ලියන ලද The Prince ය.

නිකොලෝ මැකියාවෙල්ලිගේ The Prince කෘතියෙහි ජනතාව මර්දනය කරමින් රාජ්‍ය පාලනය පවත්වා ගෙන යුතු බව සඳහන්ය. එහි ඇතුළත් වන කරුණු අතර ජනතාව මර්දනය කළ යුතු අවස්ථාවක් උදා වූ විට අනිසි ලෙස නොව නීත්‍යනුකූල ලෙස උපරිම කෲරත්වය යෙදිය අවස්ථාවක් උදා වුවහොත් එසේ කළ යුතු බව සඳහන් වෙයි. එමෙන්ම බිය සහ ආදරය එකිනෙක මුසු කරමින් පාලනය පවත්වා ගෙන යුතු බවත් සඳහන්ය. දේශපාලනයේ යථාර්ථයම වන්නේ රළු උපක්‍රම අනුගමනය කිරීම බව ද එහි සඳහන්ය.

නිකොලෝ මැකියාවෙල්ලිගේ The Prince කෘතිය

නිකොලෝ මැකියාවෙල්ලිගේ The Prince කෘතියෙහි ජනතාව මර්දනය කරමින් රාජ්‍ය පාලනය පවත්වා ගෙන යුතු බව සඳහන්ය. එහි ඇතුළත් වන කරුණු අතර ජනතාව මර්දනය කළ යුතු අවස්ථාවක් උදා වූ විට අනිසි ලෙස නොව නීත්‍යනුකූල ලෙස උපරිම කෲරත්වය යෙදිය අවස්ථාවක් උදා වුවහොත් එසේ කළ යුතු බව සඳහන් වෙයි. එමෙන්ම බිය සහ ආදරය එකිනෙක මුසු කරමින් පාලනය පවත්වා ගෙන යුතු බවත් සඳහන්ය. දේශපාලනයේ යථාර්ථයම වන්නේ රළු උපක්‍රම අනුගමනය කිරීම බව ද එහි සඳහන්ය.

මේ දෙකම මෙතෙක් ලියැවුණු විශිෂ්ටතම දේශපාලන මූල ග්‍රන්ථ යැයි සැලකේ. මේ ග්‍රන්ථ දෙකම මගින් කියවෙන්නේ එදා මෙදා තුර දේශපාලන බලයට පැමිණෙන ඕනෑම අයකුගේ මූලික අපේක්ෂාව වන්නේ බලය රැක ගැනීම බවය. ජනතාවට ප්‍රතිලාභ අත්කරදීමෙන් පමණක් සිය බලය රැක ගැනීමට හැකියාවක් නොමැති නම්, එසේ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බලය අතහැර යාමට කිසිදු දේශපාලනඥයකු කැමති වන්නේ නැත. ‘දේශපාලනය යනු එක්තරා ආකාරයක කපටිකමක්’ යැයි යම්කිසි දේශපාලන අපේක්ෂකයකු පැවසුවහොත්, ඔහුට ලැබෙන ඡන්ද ප්‍රමාණය පැහැදිලිවම අඩු වන්නේය. සැබෑ නායකයකු සතු ගුණධර්මවලින් එකක් වන්නේ ජනතාවට සත්‍යය පැවසීම නම්, ‘දේශපාලනය යනු අවංක දෙයක් නොව කපටිකමක්’ යැයි දේශපාලකයකු පැවසිය යුතු වුව ද, ඔවුන් එසේ කරන්නේ නැත. නමුත් ඡන්දදායකයා මේ බව ඉතා පැහැදිලිව තේරුම් ගත යුතුය.

කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍ර ග්‍රන්ථයේ මුල් පිටපත

අප රටේ එක්තරා දේශපාලනඥයකු පැවසුවේ ‘රජයක් පවත්වාගෙන යාම යනු ජනතාව මර්දනය කිරීම හැර වෙන දෙයක් නොවේ’ ය යන්නය. එහි අසත්‍යයක් නැත. රාජ්‍ය පාලනයේ දී කුමන අපේක්ෂකයා බලයට පැමිණිය ද ජනතාව මර්දනය කිරීම අඛණ්ඩව සිදුවේ. එසේ නොමැතිව ජනතාවට උපරිම සැප පහසුව ලබා දෙමින්, ඔවුන්ට උපරිම සුබසාධනයක් සලසමින් රාජ්‍යයක් පවත්වාගෙන යා නොහැකිය.

නිකොලෝ මැකියාවෙල්ලි

අප රටේ එක්තරා දේශපාලනඥයකු පැවසුවේ ‘රජයක් පවත්වාගෙන යාම යනු ජනතාව මර්දනය කිරීම හැර වෙන දෙයක් නොවේ’ ය යන්නය. එහි අසත්‍යයක් නැත. රාජ්‍ය පාලනයේ දී කුමන අපේක්ෂකයා බලයට පැමිණිය ද ජනතාව මර්දනය කිරීම අඛණ්ඩව සිදුවේ. එසේ නොමැතිව ජනතාවට උපරිම සැප පහසුව ලබා දෙමින්, ඔවුන්ට උපරිම සුබසාධනයක් සලසමින් රාජ්‍යයක් පවත්වාගෙන යා නොහැකිය.

රටක පාලකයා ලෙස පත්වන්නා දේශපාලනයේ අත්පොත් තබන්නේ මේ දේශපාලන ග්‍රන්ථ දෙකෙහිම අඩංගු කරුණු පිළිබඳ අවබෝධයෙනි. ඇතැම් විට ඔවුන් මේවා කියවා නැතත් ඔවුන් අනුගමනය කරන්නේ මේ කරුණු ඉතා සාර්ථකව අත්හදා බැලූ පෙර සිටි නායකයන් පවත්වාගෙන ගිය වැඩපිළිවලවල්ය. හිටපු ජනාධිපතිවරයෙක් වූ ජේ.ආර්.ජයවර්ධන වරෙක පවසා සිටියේ මැකියාවෙල්ලිටත් උගන්වන්නට තමාට හැකි බවය. එබැවින් ඔබ අප කවුරුත් ඡන්දය භාවිත කළ යුත්තේ මේ පිළිබඳ අවබෝධයෙනි. මන්ද කවුරුන් අතට බලය ගිය ද ඔවුන් සිටින්නේ දේශපාලනය තුළ ම බැවිනි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර