ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද(22) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය. ඒ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහායි. ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා ගත් බවට මැතිවරණ කොමිසම ඉකුත්දා ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කොට තිබේ. ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර තිබු පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ තීරණය කරන ලදී.මේ අතර ධම්ම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් පසු රටේ ආර්ථිකය හසුරුවන ප්‍රබල ඇමති පදවියක් ඔහු වෙත ප්රදානය කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.