හෙටට (25) දිනට යෙදී තිබෙන නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගතව සිටින රැඳිවියන් 309 දෙනෙකුට නිදහස ලබා දීමට නියමිතය .පිරිමි රැඳවියන් 306ක් සහ කාන්තා රැඳවියන් 03 දෙනෙකු ඊට ඇතුළත් බව වාර්තා වෙයි.සුළු වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටි සහ නියමිත දඩ මුදල් ගෙවා ගත නොහැකි පිරිසකට මෙලෙස නත්තල් දිනය මුල් කොට සමාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.