නව අගමැති දිනේෂ්?

ඊළඟ අගමැති පාර්ලිමේන්තුවේ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විය හැකි බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.යම් අවස්ථාවක ජනාධිපති ධූරය හිස් වුවහොත් නව ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් පත් කරගන්නා තුරු ජනාධිපති ධූරයේ වැඩ බැලීම අග්‍රාමාත්‍යවරයා. විසින් කළ යුතු වන අතර එමඟින් හිස්වන අගමැති ධූරයට පත්කළ යුත්තේ ඒ වන විට පාර්ලිමේන්තුවේ අමාත්‍ය තනතුරු දරන පුද්ගලයෙකි.නමුදු බොහෝවිට එම අවස්ථාව හිමිවන්නේ සභා නායක වරයාටය.එම වාතාවරණය යටතේ පාර්ලිමේන්තු ප්‍රජාතත්ත්‍රවාදය සම්බන්ධ ප්‍රවීණතමයකු වන දිනේෂ් ගුණවර්ධන මහතා නව අගමැතිවරයා ලෙස පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

කාලීන පුවත්