නව ජනපති දිවුරුම් දීම හෙට

08 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා හෙට(21) පෙරවරුවේ එම ධූරයේ දිවුරුම්දීමට නියමිත ය. වික්‍රමසිංහ මහතා අද කථානායකවරයාගෙන් ඉල්ලීමක් අනුව එම දිවුරුම් දීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කරනු ඇත. මේ අතර පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතු වල රාජකාරි ඉටුකල ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ සිය ස්තුතිය පළ කර සිටි අතර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වු සියලු දෙනා ට තමන් ස්තුතිවන්ත වන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

කාලීන පුවත්