9 වන පාර්ලිමේන්තුවේ සිව් වන සැසිවාරය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද(08) ආරම්භ වීමට නියමිත ය.අද පෙරවරු 10 ට සභාගර්භයට පිවිසෙන ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර මෙම අවස්ථාවේදී කථානායකවරයා,පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීමට නියමිතව තිබේ.එහි දීජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව, හෙට පෙරවරු 9 යි 30 දක්වා සභාව කල් තැබීමට නියමිතව ඇත.අනතුරුව රාජ්ය තාන්ත්රිකයන් ඇතුළු ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්රහයක්ද සංවිධානය කර තිබේ.නමුදු මෙවර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය සඳහා අධික පිරිවැයක් දැරීම වැළැක්වීම සදහා ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වීමට රජය තීරණය කර ඇත.