නව පාලනයට ලබාදිය හැකි උපරිම සහාය ලබාදීමට සුදානම් – සජිත් ප්‍රේමදාස

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගනිමින් විශිෂ්ට ජයක් ලැබු ජාතික ජන බලවේගයට සිය සුබ පැතුම් එක්කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව සදහන් කරයි.

ලැබු ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලාංකීය ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන යහපත් රාජ්‍ය පාලනයක් සහා අවශ්‍ය ශක්තිය වත්මන් පාලනයට නොඅඩුව ලැබී තිබෙන බව අදාළ නිවේදනයෙන් ඒ මහතා පෙන්වා දෙයි.

ඒ තුළින් රටක් ලෙස අප මේ මොහොතේ මුහුණදී සිටින දුෂ්කරතා ජය ගැනීමේ හැකියාව වත්මන් පාලනයට උදා වනු ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියි.

එමෙන්ම මෙරට ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ප්‍රජාතන්ත්‍රවාදය මූලික කොටගත් සියලු පුරවැසි අයිතීන් සුරැකෙන, සමාජ සාධාරණත්වය සුරක්ෂිත වන යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබාදිය හැකි උපරිම සහාය ලබාදීමට සුදානම් බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙම නිවේදනය මගින් සදහන් කර සිටියි.

කාලීන පුවත්