නව මුදල් ඇමති බන්දුල

නව මුදල් අමාත්‍යවරයා ලෙස බන්දුල ගුණවර්ධන මහතා අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව මුදල් ඇමතිවරයා ලෙස ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව ඇත.මුදල් ඇමතිවරයා ලෙස ඊයේ (04) දිවුරුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද ඉල්ලා අස්වීමෙන් එම ධුරය පුරප්පාඩු විය.බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර ,වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ඔහු විසින් ගනු ලැබූ භාණ්ඩ ආනයනය සහ බෙදාහැරීමේ ක්‍රමවේද බොහෝ දෙනකුගේ කතා බහට ලක් ව තිබේ.ගුණවර්ධන මහතා මුදල් ඇමති ධුරය භාර ගන්නේ ඇමරිකානු ඩොලරයට ශ්‍රී ලංකා රුපියල තුන්සිය දහය තෙක් බිඳ වැටී ඇති අවදියකය.

කාලීන පුවත්