නව සන්ධානයේ නායකත්ව වගකීම අනුර ප්‍රියදර්ශන යාපාට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා විසින් ආරම්භ කර ඇති නව දේශපාලන සන්ධානයේ නායකත්ව වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාට පවරා ඇති බව ලාන්සා මන්ත්‍රීවරයාට සමීප ආරංචි මාර්ග පවසයි. නව සන්ධානය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමේ බලය ඇතුළු සියලු වගකීම් යාපා මන්ත්‍රීවරයාට පැවරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලංසා සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් විසින් ඉදිරිපත් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.යාපා මහතා පත්කරනු ලැබුවේ නව සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදීයි. කොළඹ, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්කවල ප‍්‍රාදේශීය දේශපාලඥයන් කිහිප දෙනෙකු මෙම සන්ධානයට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ලංසා මහතා සමග රූපවාහිනී විවාදයකට යාමේ අදහස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රතික්ෂේප කර ඇති බවද අනාවරණය වෙයි.
.

කාලීන පුවත්