ඊයේ(14) පැවති නවසීලන්ත මහා මැතිවරණයෙන් එරට විපක්ෂය බලය හිමිකරගෙන ඇති අතර ජාතික පක්ෂය රජයක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ජයග්‍රාහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.ඒ අනුව ඔවුන්ට පක්ෂ අනෙකුත් කුඩා කණ්ඩායම් එක්කර ගනිමින් සභාග දක්ෂිණාංශක රජයක් පිහිටුවීමට අවස්ථාව හිමිව ඇත.මේ අතර නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ජාතික පක්ෂ නායක ක්‍රිස් ලක්සොන්හට දුරකතනයෙන් අමතා පරාජය පිළිගෙන ඇති බව ද වාර්තා වෙයි.