නාමල් “අවුරුදු කුමාරයා” පොදු ජන පෙරමුණු නායකත්වයට?

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.නමුදු පක්ෂය තුළ මේ සම්බන්ධ මත ගැටුමක් හටගෙන ඇති අතර එහි එක් පාර්ශවයක් කියා සිටිනුයේ නාමල් රාජපක්ෂ මහතාට වඩා දේශපාලන උපාය මාර්ගික ශූරයකු වන බැසිල් රාජපක්ෂ මහතා පක්ෂ නායක පදවියට පත් කළ යුතු බවකි.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව නායකත්වය නාමල් රාජපක්ෂ මහතාට මේ මාසය තුළම හිමි වන බව අඟවමින් එහි ජ්‍යෙෂ්ඨයකු නාමල් රාජපක්ෂ මහතා “අපේ අවුරුදු කුමාරයා”යනුවෙන් හැඳින්වීමත් සමඟ එහි තවත් ජ්‍යෙෂ්ඨයකු කුපිත වී දෙදෙනා අතර උනුසුම් වචන හුවමාරුවක් ද ඇති වූ බව පැවසෙයි.ඒ කෙසේ හෝ පසුගිය ගාලු මුවදොර අරගලය වහා මර්දනය කළ යුත්තක් බව එවක කියා සිටි නාමල් රාජපක්ෂ මහතා ඉන් පසු යළි යළිත් කියා සිටියේ ගාලු මුවදොර අරගලය රාජපක්ෂ පවුලට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයක් මිස සැබෑ ජනතා නැඟී සිටීමක් නොවන බවත් තමන් එවැනි අරගල හමුවේ කිසිදා පසුනොබසින බවත් ය.එමෙන්ම මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔහු තැබූ ෆේස් බුක් සටහනේ ද “ගිය වසර නැවත නොඑන” බවට ඔහු තැබූ සටහන බොහෝ දෙනකුගේ අවධානයට ලක් වී තිබේ.

කාලීන පුවත්